සියදිවි නසා ගැනිමේ ගසක් ?

ඕස්ට්‍රේලියාව කියන්නේ අරුම පුදුම දේවල් ගොඩක් තියෙන රටක්. මෙහි අනිකුත් මහද්වීප වල දක්නට නොලැබෙන ආකාරයේ පුදුමාකාර ශාක විශේෂ හා සත්ත්ව විශේෂ දක්නට ලැබෙනවා.


ඕස්ට්‍රේලියාවේ පිහිටි කුඩා වන ලැහැබවල් තුළ දක්නට ලැබෙන දිවිනසාගැනීමේ ගස විශේෂ තැනක් ගන්නවා. මෙම ශාකය  අඩි පහක පමණ උසට වැඩෙන අතර ‍මෙම ශාක පත්‍රවල මාරාන්තික විසක් අඩංගුවෙනවා. එමෙන්ම ශාක පත්‍ර තුළ කුඩා ඉඳිකටු වැනි කටු ඉතා විශාල සංඛ්‍යාවක් දක්නට ලැබේ. මෙයට සියදිවිනසාගැනීමේ ගස ලෙස නම් කැර ඇත්තේ මෙම ශාකය ස්පර්ශ වූ විට ඉතාමත් දරුණු වේදනාවක් ඇතිවන බැවිනි.මෙම ශාක ස්පර්ශ වූ විට  ‍ප්‍රබල විද්‍යුත් කම්පනයකට ලක්වීමේදී හෝ දරුණු ලෙස පිලිස්සීමේදී ඇතිවන වේදනාවට සමාන වේදනාවක් ගෙන දෙන බවට පර්යේෂකයන් පවසයි.මෙම ශාකයෙහි ස්පර්ශ වූ විට මෙහි ඇති කුඩා කටු සම තුළට ඇතුළු වන අතර එම කටු සියල්ලම ඉවත් කරන තුරු එයින් ඇතිවන වේදනාව සමනය නොවේ.


මෙම ශාක පත්‍රය ස්පර්ශ වූ පුද්ගලයෙකු වේදනාව ඉවසා දරාගත නොහැකිව පිස්තෝලයකින් තමා වෙතම වෙඩි තබාගෙන සියදිවි නසාගෙන තිබෙන බවට  වාර්තා වෙනවා. කෙසේ නමුත් ඕස්ට්‍රේලියාව තුල ජීවත්වන බොහෝ සත්ව විශේෂහට මෙම ශාකය විෂ නොවේ.

Comments