විල් අතර යෝධයා-සුපීරියර් විල

ඇමරිකා එක්සත් ජනපදයේ හා  කැනඩාව යන රටවල් දෙකකට මායිම්ව පිහිටි පංච මහා විල් ලොව විශාලතම විල් පද්ධතිය වේ. පංච මහා විල් අතරින් විශාලම සුපීරියර් විල කොතරම් විශාලද කියහොත් ශ්‍රී ලංකාව පවා පහසුවෙන් මෙම විල තුල ගිල්වා දැමිය හැකියි.



සුපීරියර් විලෙහි දිග ඉර මීටර් 563 ක් වන අතර  පළල කිලෝමීටර 257 ක් වේ. මෙහි ගැඹුර දළ වශයෙන් මීටර් හාරසියයක් පමණ වන අතර, මෙම විල වර්ගකිලෝමීටර් 82100  තරම් විශාල වපසරියක පැතිරී පවතී. මෙහි පිරී පවතින ජල පරිමාව ඝන කිලෝමීටර් 12100 පමණ වන අතර සුපීරියර් විල කිලෝමීටර් 4300  දිගු වෙරළ තීරයකට උරුමකම් කියයි.
විල අවට දේශගුණය  සෞම්‍ය දේශගුණයක් වන අතර සිසිර ඍතුවේදී තරමක හිමපතනයක් සිදුවේ. සිසිර ඍතුවේදී බොහෝ විට  විලෙන් අඩකට වඩා අයිස් වලින් වැසී යන නමුත් විල අධික ගැඹුරකින් යුත් නිසා මෙම විල සම්පූර්ණයෙන්ම මිදෙන්නේ නැත.
ඇමෙරිකාව සහ කැනඩාව යන රටවල් දෙකම ලෙස බොහෝ ප්‍රයෝජන ලබා ගනී. ලබා ගන්නා ප්‍රධානම ප්‍රයෝජනය වන්නේ ජල විදුලි බලය නිෂ්පාදනය කිරීමයි.  එයට අමතර නැව් ගමනාගමනයට හා ධීවර කර්මාන්තයට මෙන්ම සංචාරක කර්මාන්තය සඳහා ද මෙම විල යොදා ගනී.

සුපීරියර් විල තුළ කාෆ්,ට්‍රවුට්,වැනි මසුන් වර්ග අසූවක් පමණ වාසය කරන අතර එම ප්‍රදේශයටම ආවේණික වන ශාක වර්ග රාශියක් තිබේ. ඒ අතරින් සුදු පයින් ගස සහ ෆ්ලවරින් රෂ් විශේෂ වේ. ඊට අමතරව ඕකිඩ් විශේෂ රාශියක්ද මෙම විල අවටින් හමුවේ.ඊට අමතරම ක්ෂීරපායින් විශේෂ  රාශියක් මෙන්ම පක්ෂීන් විශේෂ කිහිපයක් ද සුපිරියර් විල වාසස්ථාන කොටගෙන ජීවත් වේ.අමතරව වඳ වී යාමේ තර්ජනයට ලක් වී සිටින සත්ව විශේෂ විශාල සංඛ්‍යාවකට මෙම විල වාසස්ථාන සපයයි

Comments