මදුරුවන් ගැන ඔබ නොදත් දේ

.මදුරුව යන නම ඇසූ පමණින් අපේ සිහියට එන්නේ මහත් කරදරකාරී සතෙකු යන සිතිවිල්ලයිඒ මදුරුවන් ලේ උරා බොන නිසාය.  එය එම නිසා බොහෝ අයකු සිතන්නේ මදුරුවන් යනු ලේ උරා බී ජීවත් වන සත්ව විශේෂයක් බවයි. නමුත් එසේ සිදු සිදුනොවේ .
පිරිමි මදුරුවන්  ශාකවල යුෂ උරා බී ජීවත් වේ. සතුන්ගෙන්  ලේ උරා බොන්නේ ගැහැණු මදුරුවා පමණි. ගැහැණු මදුරුවාට   ශාක වල යුෂ උරාබී ජීවත්වීමට හැකි වුවද, ඔවුන් ලේ උරා බොන්නේ බිත්තර දැමීම සඳහා අවශ්‍ය ප්‍රෝටීන් ලබා ගැනීමට ය.
සාමාන්‍යයෙන්  පිරිමි මදුරුවෙකුගේ ආයු කාලය දින තුනත් පහත් අතර කාලයකට සීමා වන අතර ගැහැනු  මදුරුවෙකුගේ ආයු කාලය දින අනුවක් පමණ වේ. මදුරුවන් මිනිසුන්ට අමතරව බල්ලා, පූසා,ගවයා වැනි සතුන්ගේ ලේ උරාබීමට පෙළඹෙති. ඔවුන් හට තම ගොදුර සිටිනස්ථානය   නිශ්චිත ව හඳුනා ගන්නෙ එම සතුනගේ ශරීර උෂ්ණත්වය, වුන් ප්‍රශ්වාස කරනවිට පිටවන කාබන් ඩයොක්සයිඩ් වායුව, ඔවුන්ගේ සම් මතුපිට තිබෙන ලැක්ටික් අම්ලය වැනි දෑ සංවේදනය කිරීමෙනි.

මදුරුවන් බොහෝවිට ඔවුන් බිහි වූ  ස්ථානය ආසන්නයේ ම ජීවත්වීමට කැමැත්තක් දක්වති.මේ නිසා බොහෝ විට කුඹුරු ආශ්‍රිතව, දිය වගුරු ආශ්‍රිත ව, කැලෑ ආශ්‍රිත විශාල මදුරු ගහනයජීවත් වෙති. මදුරුවන්ගේ දළ පියාසර වේගය 1.5 kmph  ක් පමන වේ. මදුරුවන් බොහෝ විට ගමන් කරන්නේ පොළොවට ආසන්නයේ ය. එයට හේතුව නම් සුළං පහරවල් වලට අසු වීම වලක්වා ගැනීමට. මදුරුවන්ගෙන් පියාපත් ඉතා වේගයෙන් චලනය වේ. මදුරුවන් අප ලඟින් පියාසර කරන විට ඉතා කුඩා ශබ්දයක් ඇසෙන්න ඔවුන්ගේ පියාපත් වාතය හා ගැටෙන ශබ්දය.ගැහැණු මදුරුව තම ශරීර බර මෙන්   තුන් ගුණයක් ලේ උරා බීමට හැකිය.ගැහැණු මදුරුවාඅවශ්‍ය තරම් ලේ උරා බිව් පසු බිත්තර මේරීම සදහා දින කිහිපයක් උනුසුම් ස්ථානයකට වී රැඳී සිටී. ඉන්පසු බිත්තර දැමීම සිදුකරයි. බිත්තර දමා දමන්නේ ජලය තුළට ය. එක් එක් මදුරුවිශේෂයෙන් විශේෂයට බිත්තර දැමීම සිදුකරන ජලය සොබාවය වෙනස්ය. සමහර මදුරු විශේෂ
පිරිසිදු ජලයේ බිත්තර දමන අතර සමහර මදුරු විශේෂ අපවිත්‍ර ජලය තුල බිත්තර දමති.

මදුරුවෙකු එක් වරකට ිත්තර 100-200ප්‍රමාණයක් දමති. බිත්තර දමන්නේ රාත්‍රී කාලය තුළය.බිත්තර දැමූ විගසම ඒවා සුදු පැහැති වන අතර පසුව ඒවා අළු පැහැයට හැරේ. බිත්තර දමාදිනකින් පසුව බිත්තර වලින්  කීටයා ඇතිවෙති. ඉන්පසු එම කීටයන් පිළවන් බවට පත්වන අතර පසුව ඔවුන් සුහුඹුල් මදුරුවන් බවට පත්වේ.

Comments