ශ්‍රීමත් අයිසැක් නිව්ටන්

භෞතික විද්‍යාවේ පියා වශයෙන් හඳුන්වන්න අයිසැක් නිව්ටන් වර්ෂ 1642  දෙසැම්බර් මස 25 වන දින එංගලන්තේ කෝල්ස්ටර්වර්ත්හි වූල්ස්තෝර් හි උපත ලැබීය.ඔහු ඉපදීමට පෙර ම ඔහුගේ පියා මිය ගිය අතර පියාගේ නම ද අයිසෙක් නිව්ටන්  විය. අයිසැක් නිව්ටන් කුඩා කල සිටම හැදී වැඩුනේ සිය මිත්තණිය සමඟ වූ අතර කුඩා කල ඔහු සාමාන්‍ය ළමයෙකු ලෙස කාලය ගත කළේ ය. නමුත් ඔහු කුඩා කල ඉගැනීමට වැඩි කැමැත්තක් නොදැක්වූ අතර කුඩා උපකරණ අලුත්වැඩියා කිරීම වැඩකටයුතු වලට මහත් ආසාවෙන් හිටියේ විය.
එමෙන්ම ඔහු   තම ගොවිපලේ වැඩ කටයුතු ද එතරම් වුවමනාවකින්  කළ අයෙකු නොවීය.කෙසේ වෙතත් ඔහුට ඔහු හට වැඩිදුර අධ්‍යාපනය හැදෑරීම සඳහා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට බැඳීමට හැකි    අතර 1666 දී ඔහුට උපාධිය ලබා ගැනීමට හැකි විය.ඔහු එම විශ්ව විද්‍යාලයේ තවදුරටත් අධ්‍යාපනය හැදෑරීමට ගියද එකල එංගලන්තයේ පැතිරුණු රෝගයක් නිසා විශ්වවිද්‍යාල සියල්ල වසා දැමුනි. නමුත් ඔහු 1867 දී ආචාර්ය ධුරයක් ලබාගත් අතර තවත් වසර දෙකකින් පමණ මහාචාර්ය පදවිය ලබාගත්තේය.

මව් පැවැත්වූ පරීක්ෂණ  අතරින් ආලෝකය පිළිබඳ පරීක්ෂණය වැදගත්ය. ආලෝකය වර්ණ 7 කින් සෑදී ඇති බව ලොවට හෙලිකලේ අයිසෙක් නිව්ටන්. ඊට අමතරව ගුරුත්වාකර්ෂණ නියමය ද ලොවට හෙළි කරන ලද්දේ මොහු විසිනි. එමෙන්ම ගැලිලියෝ ගැලිලිගේ කල්හිද පරීක්ෂණයකට අනුව ඒ පිළිබඳව නියමයක් ඉදිරිපත් කළේය. පරාවර්තන දුරේක්ෂය නිපද වූයේ ද අයිසෙක් නිව්ටන් විසින්. එමෙන්ම විද්‍යාගණිත මූලධර්මය නැමැති කෘතිය  රචනා කරන ලද අයිසෙක් නිව්ටන් එංගලන්තයෙහි කාසි නිෂ්පාදනාගාරය අධිපති ධූරයට ද පත්විය. 1803 දී එංගලන්ත රාජකීය සංගමය සභාපති ධූරයට පත්වූ අතර 1805 දී නයිට් පදවියක් ද පිරිනැමිණි. විද්‍යාව තාක්ෂණවේද මහඟු කාර්යයක් ඉටුකළ අයිසෙක් නිව්ටන් 1727 මාර්තු මෙලොවින් සමුගත්තේ ය.

Comments