යතුරු පුවරුව වර්තමාන පරිඝණක තාක්ෂණයට නැතුවම බැරි ආදාන උපාංගයකි.ඒ තරමට වර්තමානය වන විට යතුරුපුවරුව ලොකු කුඩා සෑම දෙනෙකුම අදුරන උපාංගයක් වී අවසන්ය. නමුත් එහි අක්ෂර පිහිටා ඇති ආකාරයේ විශේෂත්වයක් ඇති බව ඔබ දැනසිටියාද?
යතුරුපුවරුවක අක්ෂර පිහිටුවා ඇත්තේ ඉංග්‍රීසි හෝඩියේ අකාරාදී පිළිවෙළට නොවේ.
එහි යතුරු පුවරුව පිහිටා ඇත්තේ විශේෂ ආකාරයකට ය. මෙහි යතුරුපුවරුව අකුරු අකාරාදි පිලිවලට පෙළගස්වා නැත්තේ ඇයිදැයි බොහෝ දෙනෙකු නොදන්නා කාරණයකි අද අප විමසීමට යන්නේ යතුරු පුවරුවේ අකුරු පිහිටා ඇති ආකාරයේ විශේෂත්වය සහ එය ඇතිවීමට හේතු පිළිබඳවයි.
යතුරු පුවරුව මුලින්ම භාවිතයට ගැනෙන්නේ ටයිප්රයිටරය නැතහොත් යතුරුලියනය නැමැති උපකරණය මගිනි. නමුත් මුලින්ම භාවිතා වූ යතුරුලියන තුල ඇතුළත් කළ හැකි වූයේ ඉලක්කම් පමණි පසුකාලීනව අකුරු මුද්‍රණය කිරීමට හැකි යතුරු ලියනයක් නිපදවීමට ක්‍රිස්ටෝපර් ලැතම් ෂොලෝස් නැමැත්තා සමත් විය. එම මුල්කාලීන යතුරුලියන තුළ යතුරුපුවරුව පෙළගස්වා ඇත්තේඉංග්‍රීසි හෝඩියේ අකාරාදී පිළිවෙළට ය.
නමුත් ක්‍රිස්ටෝපර් නිපදවූ යතුරුලියනය තුල තිබූ ප්‍රධානතම දෝශය වන්නේ එකදිගට බොහෝ වේලාවක් යතුරුලියන කරද්දි යතුරු සිරවීමයි. නිතර නිතර වචන වල එක ළඟ යෙදෙන අකුරු වලට අදාළ යතුරු වල ලෝහකොටස් එකමත එක පැටලීම නිසා මෙසේ සිදුවිය. මෙයට ප්‍රධානම හේතුවක් ලෙස පෙනී ගියේ මෙම යතුරුලියනයේ යතුරු පුවරුවේ යතුරු අකාරාදී පිලිවෙලට සකසා තිබීමයි.

ඒ අනුව අපට දැනට දක්නට ලැබෙන යතුරු යතුරු පුවරුවේ අක්ෂර විශේෂ ආකාරයකට පිහිටා ඇත්තේ වේගයෙන් යතුරුලියනය කිරීමේ දී යතුරුපුවරුව සිර වීම වැළැක්වීම පිණිස ය.
කෙසේ වෙතත් වර්තමානයේ අප භාවිතා කරන පරිගණක වල යතුරු ලියන වල මෙන් යාන්ත්‍රික කොටස් නොමැති නිසා අකාරාදී පිළිවෙලකට සැකසුවද පරිගණක තුළදී වේගයෙන් යතුරුලියන කරන විට යතුරුලියන තුළදී මෙන් සිරවීමක් සිදුනොවේ. නමුත් පරිගණකය පැමිණෙන විට බොහෝදෙනාට හුරුපුරුදු වූයේ යතුරුලියනය තුළ තිබුණු යතුරුපුවරුවයි. එම නිසා වර්තමානය වන පරිගණකවල, ස්මාට් ජංගම දුරකථන වල ආදී සෑම තැනකම පාහේ දක්නට ලැබෙන්නේ මෙම QWERTY යතුරුපුවරුව යි.
Comments
Post a Comment