බ්‍රසීලය යනු සුවිශාල ජෛව විවිධත්වයකට උරුමකම් තිබෙන රටකි.එසේම පරිසර හානිය වැඩි වශයෙන්ම සිදුවන රටවල් කිහිපයකින් එකකි. පසුගිය මාස කිහිපය තුල සිදුවුණූ දරුණුතම පරිසර හානිය සිදුවූයේ ද බ්‍රසිලය තුලය මෙම වර්ෂයේ ජනවාරි මස 25 දින අග්නිදිග බ්‍රසීලයේමිනාස් ජෙරායිස් ප්‍රාන්තයේ බෲමඩිනෝ නගරය ආසන්නයේ ආකරයක් ආශ්‍රිතව තිබූ වේල්ලක් කැඩී යාම හේතුවෙන් පුද්ගලයන් 182කට වඩා වැඩි ප්‍රමාණයක් අතුරුදහන් වුණු අතර මේ වන විට තවත් 157 දෙනෙකුට වැඩි ප්‍රමාණයකගේ සිරුරු සොයා ගැනීමට ආරක්ෂක අංශයන්හා සහන සෙවා කණ්ඩායම් මේ වන විට සමත් වී තිබෙනවා.
මෙම අනතුර සිදුවී තිබෙන්නේ දහවල් 1 ට පමනය.එම අවස්ථාවේ ආකරයේ සහ වේල්ලේ සේවය කළ සේවකයන් දිවා අහාරය ගනිමින් මෙම වේල්ල ආසන්නයේ පිහිටි ආපනශාලාව තුළ රැදී සිට තිබේ. එම අවස්ථාවේ දී බිඳී ගිය වේල්ලේ මඩ හා ජලය එම ආපන ශාලාව යටකර ගාලයාම නිසා සේවකයන් විශාල ප්‍රමාණයක් මරණයට පත් වී තිබෙනවා.
මෙම ආකාරය ආශ්‍රිත එක් වේල්ලක් කැඩී යන අතර ඒ හේතුවෙන් ගලා ආ ජලය හා මඩ තවත් වේල්ලක් කඩා බිඳ දමා පහළට ගමන් කරයි.එසේ ගලා ආ මඩ මිශ්‍රිත ජලය සේවකයන් දිවා ආහාරය ගනිමින් සිටි ආපන ශාලාව යට කරමින් ගලා ගියහ.
බ්‍රසීලය යනු ආකර බහුල රටකි.එම ආකර වල ඉවතලන රොන් මඩ,මඩ සහිත ජලය ආදිය එක්රැස් කිරිමට මෙවැනි වේලි භාවිතා කරනවා.1976 දි මෙම වේල්ල ඉදිකර තිබේ.
අනතුර සිදු වූ පසු බ්‍රසීල ආරක්ෂක අංශ හා සහන කණ්ඩායම් විපතට පත්වූවන් බේරා ගැනීම සඳහා මෙහෙයුම් දියත් කරනවා. පිරිස සෙවීමේ කටයුතු සඳහා හෙලිකොප්ටර් යානා ද යොදවා තිබූ අතර පුද්ගලයන් 120 කට ආසන්න පිරිසක් ඒ මඟින් බේරා ගැනීමට සමත් වෙනවා.
වේල්ල බිඳී යාමට ටික කාලයකට ප්‍රථම මෙහි තත්ත්වය පරික්ෂා කළ TÜV SÜD නම් ජර්මානු සමාගම, වේල්ලේ ඉතාමත් හොද තත්වයේ තිබෙන බවට ප්‍රකාශ කළ ඇති බවට බ්‍රසීල රජය පවසනවා
මෙයින් සිදු වී තිබෙන පරිසර හානිය නිසා බොහෝ පරිසර සංවිධාන ඒ වෙනුවෙන් අදාළ පාර්ශවයන්ට දැඩි දඬුවම් ලබා දිය යුතු බවත් ප්‍රකාශ කර තිබෙනවා.
Comments
Post a Comment