ජූලියන් අසාන්ජ් යනු ලෝකයම දන්නා විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ වරයා ය. ජූලියන් අසාන්ජ් ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් වන අතර මෘදුකාංග ඉන්ජිනේරුවරයෙකි.එමෙන්ම ඔහු එම ක්ෂේත්රයේ ඉතා දක්ෂයෙක් වූ නිසාවෙන් කෙටි කලක් යත්ම පරිගණක හැකර්වරයෙක් ලෙස කටයුතු කිරීමට ඔහු පෙලඹුණි.ඔහුගේ එම දක්ෂතා නිසා 1993 වසරේ දී ඔහුට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියානු පොලීසියේ තාක්ෂණික උපදේශක තනතුරක් හිමි වෙනවා
පසුව ඔහු විසින් වෙබ් අඩවියක් නිර්මාණය කරන අතර එය විකිලීක්ස් ලෙස නම් කරනවා.
ඇෆ්ගනිස්ථානු යුද ලියකියවිලි, ඉරාක යුද ලියකියවිලි, ඇමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියේ බුද්ධි තොරතුරු , ඇමෙරිකානු FBI හා CIA ආයතන වල රහස්‍ය ලියකිවිලි විකිලීක්ස් ඔස්සේ ප්‍රසිද්ධියට පත්වෙනවා.
රාජ්‍ය රහස් හෙළි කිරීම යන චෝදනාව යටතෙ ජූලියන් අසාන්ජ් අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු රජය ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කරනවාග . එමෙන්ම ස්වීඩනයේ දී කාන්තාවන් දෙදෙනෙකුට ලිංගික බලහත්කාරකම් කිරීම යටතේ අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමට ස්වීඩනය කටයුතු කරනවා.
මේ හේතුව නිසා ඔහු රුසියාවෙන් හා ඉක්වදෝරයෙන් දේශපාලන රැකවරණය සලසා දෙන ලෙස ඉල්ලා සිටිනවා.පසුව ඔහුට ඉක්වදෝරයේ සරණාගත පුරවැසිභාවය ද හිමිවෙනවා අතරම ලන්ඩනයේ පිහිටි ඉක්වදෝර් තානාපති කාර්යයාලයේ රැකවරණය ලබා ගැනීමට කටයුතු සූදානම් කරනවා.
කෙසේ නමුත් ජූලියන් අසාන්ජ් ඉක්වදෝර් තානාපති කාර්යයාලයෙන් එළියට යාමට උත්සාහ කළොත් ඔහුව අත්අඩංගුවට ගන්නා බව බ්‍රිතාන්‍ය කියා සිටිනවා.නමුත් එක්සත් ජාතින් පවසන්නේ ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක් ඔප්පු කළ නොහැකි බැවින් අසාන්ජ්ව නිදහස් කළ යුතු බව ය.
Comments
Post a Comment