විශේෂ මෙහෙයුම් ඉටුකරන නේවි සීල් හමුදා ඒකකය

ලෝකයේ බොහෝ රටවලට පාහේ විශේෂ හමුදා ඒකක සිටිනවා.ඒ අතරින් ඇමෙරිකා එක්සත් ජනපදයේ නේවි සීල් නම් විශේෂ හමුදා ඒකකය විශේෂ තැනක් ගන්නවාඔවුන් ලෝකයේ ඕනෑම දේශගුණික තත්ත්වයක් යටතේ ඕනෑම කටුක පරිසරයක එනම් ජලය යට,වගුරුබිම්,කාන්තාර ප්‍රදේශයවල,වනාන්තරවල , කඳුකර ප්‍රදේශයවල,හිම හා අයිස් කදු ආදියේ සටන් කිසිදු අපහසුතාවයකින් තොරව කිරීම සමත්ය.


සාමාන්‍ය හමුදා භටයන් විශාල ගණනාවක් වෙනුවට නේවි සීල් කුඩා කණ්ඩායමක් යොදා ගෙන  මෙහෙයුම් සාර්ථකව නිමකිරීමට හැකි වීම විශේෂත්වයකි.
දෙවන ලෝක යුද්ධ සමයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ  නේවි සීල් ආරම්භය ව ඇති අතර එකල ඇමෙරිකා එක්සත් ජනපදයේ නාවික හමුදාව ඒකාබද්ධ විශේෂ හමුදා ඒකකයක් ලෙස මෙය පවත්වා ගොස් ඇත.
නේවි සීල් විශේෂ හමුදා ඒකකය සදහා තෝරා ගන්නා ආධුනික භටයන් සඳහා  මාස 4 සම්පූර්ණ නාවික පුහුණු පාඨමාලාවක් පැවැත්වෙනවා.  
පසුව දිය යට සටන්,  පැරෂුට් පාඨමාලාවක්,හිමේ සටන් පුහුණුවක් සඳහා යොමු කරවනවා. මේ සියල්ල විශේෂ පුහුණුව ලැබූ විශේෂඥයන් කණ්ඩායමක් විසින් මෙහෙයවන අතරම මේ පුහුණූව සදහා නවීන තාක්ෂණයද යොදා ගන්නවා.

ඇමෙරිකා එක්සත් ජනපදයට ප්‍රහාර එල්ල කල අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන්  ඇෆගස්තාකයේදී ඝාතනය කරන්නේත් නේවි සීල් බලකා භටයන් කණ්ඩායමක් විසිනි.

Comments