කරාබුනැටි යනු ශ්‍රී ලංකාවේ මෙන්ම, බංග්ලාදේශය, මැඩගස්කරය, පකිස්ථානය, ටැන්සානියාව මෙන්ම යුරෝපීය රටවලටද අතීතයේ සිටම කුළු බඩුවක් වශයෙන් යොදා ගත් දෙයකි.කරාබු නැටි තුල අඩංගු ඊට ආවෙණීක සුවදත් රසයත් නිසා කරාබු නැටි අසටත් ලොව පුරා බහුලව භාවිතා කරනවා.කරාබුනැටි තුළ අඩංගු ඉයුජිනෝල් නැමති සංයෝගය නිසා එයටම ආවේණික සුවද ඊට ලැබී තිබේ.
කරාබු නැටි වල විටමින්, ඛනිජ ලවණ,තන්තු,ප්‍රතිඔක්සිකාරක අඩංගු වන බැවින් මෙහි පෝෂණීය වටිනාකම ඉහල වේ.
මෙහි තන්තු අඩංගු බැවින් මල බද්ධය වලක්වන්නටත් උපකාරී වන කරාබු නැටි මොළයේ ක්‍රියාකාරීත්වය සෞඛ්‍යමත්ව පවත්වා ගැනීමට උපකාරී වේ.එමෙන්ම කරාබු නැටිවල තිබෙන ඉයුජිනෝල්වලින් අස්ථි දුර්වලවීම් අඩු කර අස්ථිවල ඝනකම සහ ශක්තිමත් බව වැඩි වේ.

අතීතයේ සිටම කරාබුනැටි දන්ත රෝග සදහා භාවිතා කර තිබෙනවා.කරාබු නැටි වල ඇති ඉයුජිනෝල් මුඛය නැවුම්ව තැබීමට හා මුඛයේ දුගඳ නැති කිරීමට දායක වන බැවින් වර්තමානය වන විට දන්තාලේප සෑදිමටද භාවිතා කරනවා.
Comments
Post a Comment