ටියුනීසීයාව යනු උතුරු අප්‍රිකාවේ පිහිටි රාජ්‍යයකි.පසු කලෙක ඇතිවූ දේශපාලන අර්බුධ නොවන්නට ටියුනීසියාව ඉතාමත් හොද රටකි., එලෙස ජනාධිපති අල් අබිඩින් බෙන් අලිගේ ආණ්ඩුව බලයටපත්වීමත් සමග ටියුනීසියාවේ තත්වය අයහපත් අතර හැරුණි. එමනිසා මේ වන විට ටියුනීසියාව තුළ ආර්ථික අවපාතයක් එල්ලවී තිබෙනවා. මේ හේතුවෙන් රටේ පවතින සෑම අංශයක් පහේම අඩපණ වී පවතින අතර කලකට ඉහතදී ඉතාමත් හොද සෞඛ්‍ය සේවයක් පවතී රටක් වූ ටියුනීසියාවේ වර්තමානය වන විට සෞඛ්‍යයට ඉතාමත් දුර්වල මට්ටමක පවතී.
ටියුනීසියාවේ තිබෙන සෞඛ්‍ය සේවාවේ දුර්වලකම කියාපාමින් මෙම වසරේ මාර්තු 7 සහ 8 වන දින දෙකේදී ටියුනීසියාවේ ටියුනීස් අගනුවර රබ්ටා නම්
මාතෘ රෝහලේ පැය විසිහතරක් ඇතුළත නව අලුත උපන් බිලිදුන් එකොළොස් දෙනෙක් මියගිය බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා
මෙම මරණ ඇතිවෙන්නට නිශ්චිත හේතුවක් තවම සොයාගෙන නෑ.
මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කෙරෙන අතරතුරදී ටියුනිසියාවේ සෞඛ්‍ය ඇමතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.ඇමතිවරයා ඉල්ලා අස්වීමේ ලිපිය එරට අගමැතිට භාර දෙන අයුරු විදෙස් මාධ්‍ය විශාල සංඛ්‍යාවකින් වාර්තා කර තිබේ.
ටියුනිසියාවේ සෞඛ්‍ය ඇමතිවරයා සිය ධූරයේ දිවුරුම් දීමෙන් මාස පහක් පමණ කෙටි කලක් තුල මෙම බිලිදු මරණ වාර්තා වී තිබීම නිසා මොහු මෙසේ ඉල්ලා අස්වී තිබෙනවා
Comments
Post a Comment