කුණු චීස්

චීස් යනු ලොව පුරා වෙසෙන ලොකු කුඩා කාගේත් අතීතයේ පටන්  ජනප්‍රිය ආහාරයකි. එමෙන්ම ලොව පුරා විවිධ චීස් වර්ග විශාල සංඛ්‍යාවක් තිබෙනවා.නමුත් ඒ අතර ඉතාමත් පිලිකුල් සහගත චිස් වර්ගයක් තිබෙනවා කිවහොත් ඔබ පුදුමයට පත් වනු නොඅනුමානය.
මෙම චීස් වර්ගයට කසු මර්සු නැතහොත් කුණු චීස් ලෙස ව්‍යවහාර කෙරෙන අතර මධ්‍යදරණි මුහුදේ තිබෙන කුඩා දුපත් වල මෙම චිස් වර්ගය දක්නය ලැබේ.විශේෂයෙන්ම කෝර්සිකාවේ හා සාර්ඩ්නියාවේ පාරම්පරිකව මෙම චීස් වර්ගය භාවිතා කරනු ලැබේ.බැටලු කිරි යොදා නිපදවන චීස් වලට චීස් මැස්සනගේ කීටයන් එකතු කොට ඔවුන්ට චීස් මත වර්ධනය වීමට ඉඩ සලස්වනවා.මෙම කීටයන්ගේ ක්‍රියාකාරීත්වය නිසා මෙහි අනෙක් චීස් වලට වඩා වෙනස් රසයක් හා වර්ණයක් ලබා දෙනවා.

කෙසේවෙතත් මෙම චීස් ආහාරයට ගැනිමේදී පණුවන් ද කැවෙන බැවින් මෙම වීස් ඉතාමත් පිලිකුල්සහගත ආහරයක් වෙනවා.එම නිසා මෙම චීස් අලෙවිය තහනම් කර තිබෙනවා.එසේ වුවද අසටත් මෙම රටවල ගෘහස්ථ මට්ටම්න් මෙම චීස් වර්ගය නිපදවා ආහාරයට ගන්නවා

Comments