ලොව ඉංජිනේරු හාස්කමක් ලෙස සැලකෙන ඉතායිපු වේලල් පිහිටා ඇත්තේ දකුණු ඇමරිකා මහද්වීපයේ ය. පළලින් කිලෝමීටර් අටක් පමණ වන මෙම දැවැන්ත වේල්ල ඉදිකර තිබෙන්නේ බ්‍රසීලය හා පැරගුවේ අතර දේශසීමාවේ ය.දකුණු ඇමරිකාවේ දෙවැනි විශාලතම ගංගාව වන පරානා ගඟ හරස් කරමින් මෙම දැවැන්ත වේල්ල ඉදිකර ඇති අතර වේල්ල ඉදිකිරීමේදී සැතපුම් දහතුනක් දිගා අතුරු මඟක් නිර්මාණය කිරීමට සිදුවිය. මෙම වේල්ල ඉදි කිරීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ ජල විදුලිය උත්පාදනය කිරීම යි.
මෙහි උස මීටර් 196 වන අතර මෙහි අඩංගු කළ හැකි ජල ධාරිතාව අක්කර අඩි දෙකෝටි හතලිස් ලක්ෂයක් වේ. ලොව විශාලතම ජලවිදුලි බලාගාරය දිගට ඇත්තේ මෙම වේලේ ය.මෙහි ඇති අනිකුත් විශේෂිත වන්නේ සැතපුම් 1 ½ පමණ දිග විදුලි ජනක ජාලයක් දිය යට ගිල්වා තැබීමයි.
මෙහි විදුලි ජනක 20 ක් ඇතුලත් වේ.එක් විදුලි ජනකයක් අඩි 53 ක් පමණ පලලින් යුක්ත වේ.මෙම විදුලි ජනක සියල්ල එනවිට ක්‍රියා කරන විට ඒවා හරහා තත්පරයකට ජලය ලීටර් 3200 ක් පමණ ගමන් කරයි.ගිගා වොට් 14 ක විදුලි ධාරාවක් මෙමගින් උත්පාදනය කෙරේ.
මෙහි අයිතිය බ්‍රසීලය හා පැරගුවේ යන රටවල් දෙකටම අයත් වේ.එම නිසා එහි නිපදවන විදුලිය එම රටවල් දෙකටම ලබා දෙයි.නමුත් පැරගුවේ රාජ්‍යයට අයත් කොටසින් නිපදවන විදුලියෙන් කොටසක් නැවත බ්‍රසීලයට අපනයනය කරයි.
මෙහි ඉදිකිරීම් 1971 ජනවාරි මස ආරම්භ කරන ලදී.1984 වන විට මෙහි සිියලු ඉදිකිරිම් කටයුතු අවසන් කිරිමට හැකි විය.1984 මැයි මස 5 දින මෙය විවෘත කරන ලදී.මෙය ඉදිකිරීමට ඇමරිකානු ඩොලර් බිලියන 19.6 පමණ වියදම් විය.
Comments
Post a Comment