සිංගප්පූරුවේ ජාතියේ පියා -ලී ක්වාන් යුන්


ඉතා කෙටි කාලයක් තුලදී දූෂිත නගරයක් ව තිබූ  නගරයක්වසර 30ක් වැනි කෙටි කාලයක් තුළ දී ද ස මුළුමනින්ම සංවර්ධනය වූ රටක බවට පත් කිරීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නො වේ. කෙසේ වුවද දූෂිත නගරයක් ලෙස කාලයක් පැවති සිංගප්පූරුව ඉතා කෙටි කාලයක් තුලදී ලොව හොදම සංවර්ධන රටවල් අතරට ගෙන ඒමට තරම් දක්ෂයෙක් මෙලොව බිහි වී සිටියේය. ඔහු අන් කවරෙකුවත් නොව සිංගප්පූරුවේ ජාතියේ පියා ලෙස හඳුන්වන,  සිංගප්පූරුවේ නිර්මාතෘවරයා ලෙස හඳුන්වන ලී ක්වාන් යූ මහතා

මේ ශ්‍රේෂ්ඨ වීරයා 1923 සැප්තැම්බර් මස 16 වන දා සිංගප්පූරුවේ උපත ලැබීය .ඒ කාලෙ වන විට සිංගප්පූරුව පැවතියේ  ඉංග්‍රීසින්ගේ වරායක් ලෙසය. ලී ක්වාන් යූ යන නමෙහි අර්ථය වන්නේ බැබලීම යන අර්ථය වේ.තම මව් භාෂාව ලෙස ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කළ ඔහු චීන බස මෙන්ම ජපන් භාෂාව ඉගෙන ගත් අතර, ඔහු කුඩා කල සිටම නීතිය පිළිබඳ හැදෑරීමට මහත් ආශාවකින් කටයුතු කළ අයෙකි. නිසා ඔහු රිට්ස් උසස් පාසලෙන් සහ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් නීතිය පිළිබඳ උපාධියක් ලබා ගත්තේය.
ඔහු මනාව නීති ශාස්ත්‍රය ප්‍රගුණ කළ හෙයින් 1950 වන විට ඔහු අධිනීතිඥයකු ලෙස පත්වී සිටියේ. 1954 දී ඇරඹූ මහජන ක්‍රියාකාරී සංගමයේ සම නිර්මාතෘවරයෙකු වූ ලී ක්වාන් යුන්, එහි ප්‍රථම ලේකම් තනතුරද හෙබවූයේ ය.
1959දී ගප්පූරුවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් වීමට තරම් වාසනාවන්ත වූ ලී ක්වාන් යූ සිංගප්පූරුවේ අග්‍රාමාත්‍ය ධූරය වර්ෂ  1990 දක්වාම හෙබවූයේ ය. ඔහුගේ ධුර කාලය තුලදී දූෂිතව, අවලස්සන පැවැති සිංගප්පූරුව ඉතාමත් අලංකාරවත්ව ගොඩනැගීමට හැකි වූ අතර සිංගප්පූරුවේ ආර්ථිකය ද ඔහු නඟා සිටුවීමට කටයුතු කළේය. එවකට සිංගප්පූරුවේ ඒ වාර්ෂික ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 1000 ක් වූ අතර ඔහුට සිංගප්පූරුවේ වාර්ෂික ඒකපුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 19000 දක්වා වර්ධනය කරගැනීම හැකි විය, එමෙන්ම  සිංගප්පූරුව තුල තිබු විරැකියා ප්‍රතිශතය අඩු කරවීමට සමත් වූ ලී ක්වාන් යූ සිංගප්පූරුවේ සාක්ෂරතාව සියයට අනුවක් දක්වා වර්ධනය කර ගැනීමට ද ඇප කැපවී කටයුතු කළේය.
එමෙන්ම ලී ක්වාන් යූ සිංගප්පූරුව ආසියාවේ වැදගත් වරායන්ගෙන් එකක් බවට පත් කිරීමට කටයුතු කලේය. සිංගප්පූරුවේ අපරාධ අඩු කරලීම සඳහා  ක්‍රියාමාර්ග රාශියක් ගෙන තිබූ අතර හු බලයට පැමිණ වසර 30 ක් යන්නටත් ප්‍රථම සිංගප්පූරුව සංවර්ධිත රටක් කරලීමට ඔහුට හැකි විය. ඔහු සාර්ථක සිංගප්පූරුවක් ගොඩනැගීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව ආදර්ශයට ගෙන කටයුතු කර තිබේ.
සිංගප්පූරුවේ දියුනුවට අපමණ මෙහෙයක් ඉටුකළ  මහතා සිංගප්පූරුවේ ජාතියේ පියා ලෙස ද හඳුන්වන අතර ඔහු  2015 මාර්තු මස 21 වැනිදා මෙලොවින් සමු ගත්ත

Comments