විශාල ශෛලමය ප්‍රතිමා සහිත පාස්කු දිවයින

දකුණු ඇමරිකානු මහද්වීපයේ පිහිටා තිබෙන චිලි රාජ්‍යය ලෝක උරුම රැසකට උරුමකම් කියන සුන්දර රාජ්‍යයකි. ඒ අතරින් චිලී රාජ්‍යයට අයත් පාස්කු දූපත ඉතා වැදගත් තැනක් ගනී.චිලී රජ්‍යයේ බටහිර වෙරලේ  සිට 3700 km පමණ වන්නට පැසිෆික් සාගරේ පිහිටා ඇති පාස්කු දූපත වර්ග සැතපුම් 66 ක පමණ ප්‍රමාණයක් යුතු වේ . ම‍ෙම දූපත තරමක ත්‍රිකෝණාකාර හැඩයක් ගන්නා අතර ගිනිකඳු විදාරණය නිසා මේ දූපත හටගෙන තිබෙනවා.



මේ දූපත පිලිබද ප්‍රථම ලිඛිත සාක්ෂි හමුවන්නේ 1722 දී පමණය.ඒ ඕලන්ද  ජාතික දේශගවේශකයන් කීපදෙනෙක් මෙම දූපතට ගොඩ බැසීමක් සමඟය.
ඉතා දිගු ඉතිහාසයකට උරුමකම් කියන පාස්කු දිවයින ඈත අතීතයේ දී හඳුන්වා ඇත්තේ රපා නුයි වශයෙනි. මෙම දූපත තුළ මිනිසුන් වාසය කිරීම ආරම්භ කර තිබෙන්නේ වර්ෂ 300 පසුවය. මෙම දූපතේ මුලින්ම වාසය කළ ජන කොට්ඨාසය පොලිනීසියානුවන් ලෙස හඳුන්වනවා.
පාස්කු දිවයින නැතහොත් ඊස්ටර් අයිලන්ඩ් ලෙස හදුන්වන මෙම දූපත තුළ තිබෙන විශේෂම දේ  වන්නේ මො ආයි නමින් හඳුන්වන විශාල ප්‍රතිමා සමූහයයි.අතීතයේ මෙම දූපත තුළ විසූ පොලිනීසියානුවන් ගේ සංස්කෘතිය විදහා දක්වන මෙම ප්‍රතිමා 900ක් පමණ මෙම දූපත තුළ දක්නට  ලැබේ. ගිනිකදු විදාරනය නිසා සෑදුනු විශාල ගල් ස්ඵටික යොදාගෙන පිළිම නෙළා ඇති අතර සාමාන්‍යයෙන් පිළිමයක උස මීටර හතරක් පමණ වන අතර බර ටොන් 10-14 අතර වෙනවා. මෙම පිලිම අතුරින් සමහරක් පලක මත තැන්පත් කර ඇති අතර ඒවා අතීත මුතුන් මිත්තන් සිහි වීම  වෙනුවෙන් ඉදිකළ සොහොන් ඵලක ලෙස හැඳින්වෙනවා.
මේ ප්‍රතිමා වල  සියල්ලම සාගරයට පිටුපා ගොඩබිම දෙස බලා සිටින ආකාරයට නිර්මාණය කර තිබීම විශේෂත්වයක් වන අතර මේවා සෑදීමට යොදා ගෙන තිබෙන තාක්ෂණය ද විශ්මයජනකය. අනෙක් විශේෂත්වය වන්නේ මෙම පිළිම තනි ගල් කුට්ටියකි නෙළා තිබීම. මෙම දූපත තුළ විවිධ ප්‍රමාණයේ ප්‍රතිමා දක්නටද ලැබෙන අතර විශාලතම ප්‍රතිමාව11m  පමණක් උසකින් යුක්ත වන අතර බර ටොන් 80ක් පමණ වේ.පාස්කු දූපතේ පිහිටා ඇති මෙම පිළිබඳ 1995 යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කර තිබේ.
එමෙන්ම පාස්කු දූපතේ බටහිර ප්‍රදේශයට වන්නට මිනිසුන් 3000ක් පමණ ජීවත්වන කුඩා ගම්මානයක් තිබෙනවා.

මෙම දූපත් තුළ තිබෙන අර්ධ නිවර්තන දේශගුණය සහ අලංකාර වෙරළ තීරය නිසාම සංචාරකයන්ගේ තෝතැන්නක් බවට පත් වී තිබෙනවා. කුඩා ගුවන්තොටුපොළක් තිබෙන බැවින් මෙම දූපතට ළඟා වීමට හැකි වේ..

Comments