හෙවිවෙයිට් බොක්ෂිං ශූරතාව තෙවරක්ම දිනාගත් එකම ක්‍රීඩකයා - මොහොමඩ් අලී

ලොව විශිෂ්ටතම බොක්ෂින් ක්‍රීඩකයා ලෙස සැලකෙන ලෝක හෙවිවෙයිට් බොක්ෂිං ශූරතාව තෙවරක්ම දිනාගත් එකම ක්‍රීඩකයා  මොහොමඩ් අලී ය.
වර්ෂ  1942 ජනවාරි මස 17 වනදා ඇමරිකා එක්සත් ජනපදය කෙන්ටකී ප්‍රාන්තයේ මොහොමඩ් අලි උපත ලැබීය. ඔහුගේ උපන් නම ක්ලැසියස් ක්ලේ වන අතර ඔහු ඇමරිකානු නීග්‍රෝ  ජාතිකයෙක් වූ ‍වේ ය.

කුඩා කල සිටම බොක්සිං ක්‍රීඩාව කෙරෙහි දක්ෂ වූ මොහොමඩ් අලි රෝමය පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් දිනා ගත්තේ   තමාගේ පළමු ජයග්‍රහණය ලෙසය. වර්ෂ 1964 දී එවකට ලෝක ශූරතාවට හිමිකම් කී සනි ලිස්ටන් පරාජය කිරීමට තරම් දක්ෂ වූයේ ය. ක්ලැසියස් ක්ලේ ලෝකයම  පුදුමයට පත් කරමින් ඉස්ලාම් ආගම වැළඳගත් අතර ඔහුගේ නම මොහොමඩ් අලී ලෙස වෙනස් කෙරිණි. වර්ෂ 1965 දී ලෝක ශූරයෙක් වූ floyd patterson පරාජය කිරීමෙන් පසු ඔහු බොක්ෂිං ලෝක ශූරයා  වීමට සුදුසුකම් ලබා තිබුණද ලෝක බොක්සිං සංවිධානය එවකට පැවති ජාතිවාදී හා ආගම්වාදී ගැටලු නිසා ලෝක ශූරයා වශයෙන්මොහොමඩ් අලී පිළිගත්තේ නැත. නමුත් මොහොමඩ් අලී වර්ෂ වර්ෂ 1967 දී      අර්නි ටෙරල් පරාජය කිරීමෙන් අනතුරුව මෙම තත්වය වෙනස් විය. ඔහු ලෝක ශූරයා වශයෙන් පිළිගැනුණි.
මෙම කාලය තුළ වියට්නාම් යුද්ධය ඇති වී  තිබූ අතර වර්ෂ 1967 දී ඔහුව වියට්නාම් යුද පෙරමුණට යැවීමට කටයුතු කළේය. අහිංසක වියට්නාම් සිවිල් වැසියන්ට එරෙහිව සටන් කිරීමට විරුද්ධත්වය ප්‍රකාශ කළ මොහොමඩ් අලී දැඩි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කළේය.
මේ නිසා ඇමෙරිකානු බලධාරීන් විසින්මොහොමඩ් අලී  දිනා සිටි කිරුළු සියල්ලම අහිමි කළ අතර ඔහුගේ ගමන් බලපත්‍රය ද අවලංගු කෙරිණි. එමෙන්ම ඇමරිකානු රජය විසින් මොහොමඩ්  අලි ට වසර 5ක සිරදඬුවමක් ද නියම කළේය.
තමාගේ අයිතිවාසිකම් වෙනුවෙන් මොහොමඩ් අලී සටන් කළ අතර පසුව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයකට අනුව ඔහු සියලු චෝදනාවලින්  නිදොස් කොට නිදහස් කරන ලදී.

පසුව 1974 දී ලියොන් ස්පින්ක්ස්සමග සටන් වැදීමෙන් පසු ලෝක ශූරතාවය තෙවන වරටත් දිනා ගත් කම ක්‍රීඩකයා බවට පත්වීමට මොහොමඩ් අලී හැකි විය.  මොහොමඩ් අලී හට 1996 ඇමරිකාවේ ඇට්ලැන්ටා හි පැවති ඔලිම්පික් උළලේ පහන දැල්වීමට වරම් ලැබුණු අතර ඒ ඔහුට ගෞරවයක් වශයෙනි. පසුව සමාජ සේවා කටයුතුවල නියැලෙමින් නියැළුණු ඔහු ජීවිතයේ අවසන් කාලයේ දී පාකින්සන් රෝගයට ගොදුරු වී සිටියේය. වර්ෂ 2016 ජුනි 3 දා මියගියේ මෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ දී ය.

Comments