ලොව විශාලතම දිය ඇල්ල ලෙස හැදින්වෙන වික්ටෝරියා ඇල්ල සිම්බාබ්වේ හා සැම්බසි යන රටවල් දෙකට මායිම්ව පිහිටනවා.සැම්බසි නදියෙන් හට ගන්නා මෙම දිය ඇල්ල පළලින් කිලෝමීටර් 2 ක් පමණ වේ.අතිතයේ මෙම ප්‍රදේශයේ ජීවත් වූ කොලෝලා ග්‍රෝතිකයන් මෙම දූපත හදුන්වා ඇත්තේ මොසි ඔආ ටුන්යා යනුවෙනි.එහි අර්තය නම් ගිගුරුම් දුමාරය යන්නයි.
වර්ෂ 1852 දී දේශ ගවේෂකයෙකු ඩේව්ඩ් ලිවිංස්ටන් මෙම දූපත පිළිබඳ කරුණු එකතුකර අතර 1855 දී දිය ඇල්ල හා ඒ අවට ඇති දූපත් ගවේෂණය කළ මොහු ඔරුවක නැගී දියඇල්ල අසල තිබෙන විශාලතම දූපත වෙත පැමිණි අතර ඔහුට ගරු කිරීමක් වශයෙන් එම දූපත ලිවිංස්ටන් දූපත ලෙස හඳුන්වයි.
ඝන වනාන්තර මැදින් ගලාගෙන එන සැම්බසි නදිය පොළොව මත පිහිටා ඇති විශාල පැල්මක් වෙත ගලා හෑලීමෙන් දිය ඇල්ල නිර්මාණය වේ. බැසෝල්ට් පාෂාණයෙන් මෙම ප්රපාතය සෑදී ඇති අතර එහි උස මීටර් 108 කි. දිය ඇල්ලේ පළල කිලෝමීටර් එකහමාරක් පමණ වේ. එමෙන්ම දියඇල්ල මගින් ගලා හැලෙන ජලය විනාඩියකට ඝන මීටර් මිලියන 500 ක් පමණ වේ.
වසරේ විවිධ කාලවල දී දිය ඇල්ලේ ස්වභාවය වෙනස්වන අතර වර්ෂා කාලයේ දී දියඇල්ල ඉතාමත් අලංකාරව දිස්වෙයි. මේ කාලයේදී අධික වේගයෙන් ගලා හැලෙන ජල ධාරාව නිසා ඇතිවන මීදුම හේතුකොටගෙන පහල සිට දියඇල්ල නැරඹීමට නොහැක. තවද මෙම කාලය තුලදී මෙම දිය ඇල්ලේ ජලය ගලා හැලෙන හඬ කිලෝ මීටර් තිහක් පමණ දුරට ඇසේ. නමුත් වියළි කාලය තුලදී දියඇල්ලේ ජලය බොහෝ සෙයින් අඩුවේ.
මෙම දිය ඇල්ල සොයා ගන්නා අවධියේ දී එංගලන්තයේ මහා රැජින වූ වික්ටෝරියා රැජින සිහිවීම පිණිස දිය ඇල්ල වික්ටෝරියා ඇල්ල ලෙස නම් කර තිබේ. සිම්බාබ්වේ සහ සැම්බියාව යන රටවල් දෙකටම අයත් බැවින් එම රටවල් දෙකේම ආර්ථිකයට මෙම දියඇල්ල බොහෝ සෙයින් වැදගත් වේ.1989 වර්ෂයේදී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති මෙම දිය ඇල්ල වර්ෂය පුරා සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් සංචාරක තෝතැන්නකි.
Comments
Post a Comment