කංසා යන නම ඇසූ පමණින් බොහෝ දෙනා බියට පත් වනු නොඅනුමානය.මක් නිසාද යත් එය ලංකාව තුල නීතියෙන් තහනම් කර ඇති මත් ද්‍රව්‍යයක් නිසාය.ලංකාවේ මෙන්ම ලෝකයේ ද වැඩිපුරම භාවිතා වන නීති විරෝධි මත්ද්‍රව්‍ය කංසා වුවත් ඇමරිකාවේ ප්‍රාන්ත දෙකක හා කැනඩාව,දකුණු අප්‍රිකාව,ඇල්බේනියාව,උරුගුවේ ආදී රටවල කංසා නීතිගත කර තිබේ.නමුත් ලෝකයේ රටවල් බොහොමයක් කංසා භාවිතය නීතියෙන් තහනම් කර තිබේ.ඒ තරම් කංසා සිරුරට අහිතකරද?
කංසා සිරුරට අහිතකරද යන ප්‍රශ්නයට පිළිතුර නම්,කංසා මත්ද්‍රව්‍යයක් ලෙස භාවිතය නැතහොත් කංසා දහනය කර එහි දුම ආඝ්‍රහණය කිරීම සිරුරට ඉතාමත් අහිතකර වේ.
කංසා පානය කිරිම නිසා සිරුරේ විකෘති සෛල ඇති වීම,ස්නායු ආවේග සම්පේෂණ වේගය අඩු කිරීම,දිවෙහි රස අංකුර වලට හානි වී රස දැනීම දුර්වල වීම, ආදී ලෙඩ රෝග විශාල සංඛයාවක් ඇති වීමට හැකි බව සෞඛ්‍ය සංවිධාන කරුණු හෙලි කර ඇත.
ඇත්තටම මෙහි සැබෑ තත්වය කුමක්ද?
කංසා ශාකයට ඉතා දිගු ඉතිහාසයක් තිබේ.දැනට වසර 2000 ක් පමණ පැරණි චීන හා යුරෝපීය මූලාශ්‍ර වල ඵ් බව සදහන් වී තිබීමෙන් ඒ බව පැහැදිලි වේ.කංසා ශාකයේ වීද්‍යාත්මක නාමය වන්නේ cannabis sativa ය.සාමාන්‍යෙයන් කංසා ගසක් අඩි 5-8 ත් තරම් උසකට වැඩේ.කංසා ශාකයේ අඩංගු වන ටෙට්රායිඩොක්රැනබිනොල් යන සංයෝගය නිසා කංසා භාවිතයේ දී මනසට ආශ්වාදයක් ඇතිවේ.
කංසා මෙතරම් හානිකරයි කීවත් එහී ඖෂධීය වටිනාකමක්ද තිබේ.බටහිර වෙද්‍ය විද්‍යාවේ ඖෂධ වර්ග සමහරක් නිශ්පාදනයට කංසා අත්‍යාවශ වේ.එමෙන්ම කංසා ශාකය සගන්ධ තෙල් නිශ්පාදනයට ද යොදා ගැනේ.මීට අමතරව දේශිය වෛද්‍ය විද්‍යාෙව් ත් කංසා භාවිත කරයි.එමෙන්ම අතීතයේ ශ්‍රී ලංකාවේ සාමාන්‍යය ජනය කංසා භාවිත කල බවට ලිඛිත සාක්ෂි තිබේ.
කෙසේ වෙතත් කංසා යනු ඖෂධීය ශාකයක් වුවත් ලංකාව ඇතුලු තවත් බොහෝ රටවල් මෙම ශාකය තහනම් කර ඇත්තේ මිනිසුන් එහි ඇති ප්‍රෙයෝජනවත් දේ අත් නොවිද නිෂ්ප්රයෝජන දේ අත්විදීමට හුරුවී සිටින නිසාය.
Comments
Post a Comment