සෑම විෂයකටම දක්ෂ වූ- ලියනාඩෝ ඩාවින්චි

මධ්‍යකාලීන යුගයෙන්  පසුව එළැඹුණු පුනරුද යුගය ලෝකය වෙනස් කළ  යුගයකි.ඒ පුනරුද යුගයේ බිහිවු බුද්ධිමතුන් හා ඔවුන් විසින් සිදුකළ නව නිර්මාණ නිසාය.
ලියනාඩෝ ඩාවින්චි යනු පුනරුද සමයේ බිහිවූ ලෝකය වෙනස් කළ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි. ඔහු ක්‍රිස්තු වර්ෂ 1452 දී ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයේ දී උපත ලැබී ය. බොහෝ දෙනෙකුට  ලියනාඩෝ ඩාවින්චි යන නම පමණින් සිහියට එන්නේ චිත්‍ර ශිල්පියෙකි. නමුත් ලියනාඩෝ ඩාවින්චි ගේ හැකියාවන් චිත්‍ර කලාවට පමණක් සීමා නොවුනි. ඔහු චිත්‍ර ශිල්පයට අමතරව විද්‍යාව, සංගීතය, තාරකා විද්‍යාව, නිර්මාණ ශිල්පය, දර්ශනවාදය, ආදි සෑම විෂයකින් ම දස්කම් පෑ පුද්ගලයෙකි.

ඔහු අතින් නිමැවුණු විශිෂ්ටතම සිතුවම වන්නේ මොනාලිසා ය.වර්ෂ 1503-1505  අතර කාලයේදී මෙම චිත්‍රය ඔහු විසින් නිමවන ලදි . අදටත් එම මොනාලිසා සිතුවම ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ සුරක්ෂිතව ප්‍රදර්ශනයට තබා ඇත. ඊට අමතරව මැඩෝනා සහ අවසන් භෝජන සංග්‍රහය ඔහුගේ තෙලිතුඩින් නිමවුණු අග්‍රගණ්‍ය නිර්මාණ වේ.
ඊට අමතරව ඔහු විසින් නවීන උපකරණ රාශියක් නිපදවන ලදී.  එමෙන්ම ලියනාඩෝ ඩාවින්චි විසින් හෙලිකොප්ටරය, පැරෂුටය, යුද්ධ ටැංකි ආදී නවීන විද්‍යාත්මක උපකරණ වල ආකෘති සටහන් නිර්මාණය කිරීමට එළඹිණි. ඔහු ඒවා කොතරම් දක්ෂ ලෙස නිම කළාද කිවහොත් එකල එම සටහන් තේරුම් ගැනීමට පවා එකල විසු පුද්ගලයන්ට අපහසු විය.
මිනිස් සිරුරේ ‍රියාකාරීත්වය පිළිබඳ මනා ලෙස අධ්‍යයනය කළ ලියනාඩෝ ඩාවින්චි ඒවායේ රූප සටහන් ඇඳීමට ද කටයුතු කළේය. එමෙන්ම ශාක වල ක්‍රියාකාරීත්වය පිළිබඳව අධ්‍යයනය කිරීමට ඔහු තම කාලයෙන් වැඩි කොටසක් වෙන් කළේය.


ඔහුගේ දස්කම් පිළිබඳ ආරංචි වුණු  ප්‍රංශයේ පලවන ප්‍රැන්සිස් රජු ලියනාඩෝ ඩාවින්චි හට ප්‍රංශයට පැමිණෙන්නැයි ආරාධනා කළේය. එම ආරාධනාව පිළිගත් ලියනාඩෝ ඩාවින්චි ජු විසින් පරිත්‍යාග කරන ලද ප්‍රංශයේ මාලිගාවක සිය අවසන් කාලය ගත කළේය.  1915 ලියනාඩෝ ඩාවින්චි මෙලොව හැර ගියේය

Comments