දන්න කොත්තුවේ නොදන්නා කතාව

කොත්තු යනු අපි හැමෝම ප්‍රිය කරන ආහාරයකි.බෝහො දෙනා කොත්තු යනු විදේශ රටකින් ආ ආහාරයක් ලෙස සිතුවද සැබැවින්ම කොත්තු යනු ලංකාවේ ඇතිවුනු ආහාරයකි.කොත්තු යන ආහාරයට ඉතිහාස කතාවක් තිබේ.ඉංග්‍රීසින්ගේ පාලන කාලය තුල ශ්‍රි ලංකාවේ විසු  කම්කරු ජනතාවගේ ප්‍රධාන ආහාරය වූයේ රොටි ය.මොවුන් නිතරම රොටි ආහාරයට ගත් අතර බොහෝ විට රොටි කුඩා කැබලි වලට කපා ඒවාට එළවළූ,මස්,වෑංජන ආදිය එකතු කොට කලවම් කර ආහාරයට ගනු ලැබීය.

නමුත් පසු කළෙක ලංකාවේ පොල් වගාවට වැලදුණූ රෝගයක් නිසා ලංකාවේ පොල් හිගයක් ඇතිවිය.මේ නිසා පොල් රොටි වෙනුවට පරාටා,ගෝදම්බ රොටි වැනි ආහාර මෙම ජනතාව ආහාරයට ගන්නා ලද අතර ඒවාද කලින් සදහන් කල ආකාරයට කුඩා කැබලි වලට කපා ඒවාට එළවළූ,මස්,වෑංජන ආදිය එකතු කොට කලවම් කර ආහාරයට ගනු ලැබීය.මෙය කොත්තු රොටියේ ආරම්භය ලෙස හැදින්වේ.පසු කලෙක කොත්තුවට බිත්තර, මාළු, චීස්, සොස් වර්ග ආදිය එකතු කරන ලද බව සදහන් වේ.වර්තමානයේ කොත්තු කඩ පවා දක්නට ලැබෙන අතර ඒවා සැදිමට යකඩ තැටියක් සහ තහඩු දෙකක් භාවිතා කරන අතර කොත්තු සැදිමේදි මිහිරි නාදයක් ද නිකුත් වේ.

Comments