විකිණීමට තබා ඇති ඔරලෝසුවල කටු 10:10 ට තබා ඇතිතේ මන්ද?


අප ඔරලෝසුවක් මිලදී ගැනීමට ඔරලෝසු විකුණන වෙළදසැලකට ගියහොත් එහි තබා ඇති සෑම ඔරලෝසුවකම වේලාව 10:10 ට තබා තිබෙනු අපට දැකගත හැකිවේ.බෝහෝ දෙනා මෙයට හේතුව හරිහැටි නොදන්නා අතර සමහරුන් සිතන්නේ ඇමරිකාවේ ජනපතිජෝර්ජ් එෆ් කෙනඩි හා මාර්ටිං ලූතර් කිං ඝාතනය වූ වේලාව සිහි වීමට කියාය.නමුත් එය සත්‍යයක් නම් නොවේ.මක් නිසාද යත් ඔවුන් ඝාතනය වූයේ 10ත් 10.30 ත් අතර මිස හරියටම 10:10 ට නොවේ.
එසේ නම් එයට හේතුව කුමක් ද?

එයට ප්‍රධානතම හේතුව වන්නේ ඔරලෝසු නිෂ්පාදනයින් තම වෙළද නාමය සදහන් කරන්නේ ඔරලෝසුවේ ඉහළින් ය.එය වඩාත් හොදින් දර්ශනය වීමට එම ඔරලෝසුවේ 10:10 යේ කටු සැකැස්ම ඉතා වැදගත් වේ.එයට අමතරව ඔරලෝසුවේ සදහන් දිනය මාසය ආදී දේ පැහැදිලිව දර්ශනය වීමට මෙම කටු සැකැස්ම ඉතා වැදගත් වේ.මේ නිසා ඔරලෝසු නිශ්පාදකයන් ඔරලෝසුවේ කටු සැකැස්ම 10:10 ලෙස සකස් කර වෙළදපොළට යැවීමට කටයුතු කරයි.

Comments

Post a Comment