ලොවක් ගායනයෙන් නැලවූ සොඳුරු විප්ලවවාදියා -බොබ්මාලේ(Bob Marley)

1945 පෙබරවාරි 10 වන දා ජැමෙයිකාවේ  දී උපත ලැබූ බොබ්මාලේ ගේ උපන්
නම වූයේ robert nesta marley. ඉංග්‍රීසි සම්භවයක් ඇති noval මාලේ සහ
අප්‍රිකානු තරුණියක වූ sedella bruker ඔහුගේ මවුපියන් විය.noval හා  sedella
තම පුතුගේ ඉපදීමෙන් පසු විවාහ වීමට සිතුවද, ඊට පෙර ඔහු කිංග්ස්ටන් බලා
පිටත් වූයේය. ඔහු 1955 දී මියගිය අතර සිය පුතු දැක තිබුනේ එකම එක වතාවකි.

බොබ්මාලේ 1961  ගායනා දිවියට පිවිසෙන විට ඔහුගේ වයස අවුරුදු 16කි.
නමුත් ඔහු ගැයූ පළමු ගීතය අසාර්ථක විය. 1963  details සංගීත කණ්ඩායම
සමඟ ඔහු එක් විය. ඔහු ගීත රචනා කළ අතර සංගීත නිර්මාණයද කළේ තම
දක්ෂතා මැනවින් ප්‍රකට කරමිනි. 1966  බොබ්මාලේ රීටා ඇන්ඩර්සන් නම් අප්‍රිකානු
යුවතිය හා විවාහ දිවියට පත් විය. එය ඔහුගේ සංගීත දිවියට තදින්ම බලපෑවේය.


1976 පසු ඔහුට හොඳ කලක් උදා විය. ඇමරිකාවේ ඔහු ගැයූ ‘’i shot the sheriff’,
‘ no  woman’, ‘no cry’, ‘ could you be live’, ‘ stir it up’ දී ජනප්‍රිය වන්නට පටන් ගත්තේය.
‘ rolling stone’ සඟරාව වසරේ සංගීත කණ්ඩායම වශයෙන් ද නම් කළේ ‘ බොබ්මාලේ සහ වේල්ස්
’   සංගීත කණ්ඩායමයි.1976 ජැමෙයිකාවේ කිංග්ස්ටන් හි පැවැති සංගීත ප්‍රරසංගයේදී
බොබ්මාලේට වෙඩි තැබීමට ගත් උත්සාහය අසාර්ථක විය. නිර්මාංශ ආහාර ගත් බොබ්මාලේ
මියගියේ පිළිකාවක් වැළදී ම නිසා ය. 1981  මැයි 21 දින ඔහුගේ අවමගුල් උත්සවය රාජ්‍ය
ගෞරව සහිත පැවැත්විය. ඔහුගේ මරණයෙන් පසු කළ ‘ buffalo soldier’ , ‘ iron lion zion’
වැනි ගීත අදටත් ජනප්‍රියව ඇත්තේ මෙම කලාකරුවා ගේ මතක සටහන් ඉතිරිකරමිනි.

Comments