පිරිමි ළමුන්ටත් දිනයක්?

ලොව අරුම පුදුම දේවල් පවතින රටවල් අතරින්  ජපානය ගන්නේ ප්‍රමුඛ ස්ථානයකි.ලොව අන්
රටවලට වඩා බොහෝ සෙයින් වෙනස් සංස්කෘතියකට උරුමකම් කියන ජපානය පැසිපික් සාගරය
තුල පිහිටා ඇති සුන්දර දූපත් රාජ්‍යයකි.

ජපානය පවතින සරුංගල් තරග, සමුරායි සටන් කලාව,   ජපන් ආහාර, සකුරා මල් වලට
අමතරව ජපානය තුළ වාර්ෂිකව සමරන පිරිමි ලමුන්ගේ දිනය නැතහොත් කොදොමො නොහි
යන  දිනය ඉතාමත් වැදගත් තැනක් ගනී. එය යෙදී තිබෙන්නේ සෑම වසරකම මැයි 5 දාටය. ‍
මෙහි ආරම්භය ක්‍රිස්තු වර්ෂ 8 වන සියවස දක්වා තරම් ඈත ඉතිහාසයකට දිවයයි.

පිරිමි  ළමුන්ගේ දින දා පිරිමි ළමුන් සමුරායි  විරුවන්ගේ හැඩයට තැන සැකසූ බෝනික්කන් සහ
කින්තාරෝ  නැමැති ඉපැරණි ළමා විරුවාගේ හැඩයට සැකැසූ බෝනික්කන් රාක්ක මත තබති.

 ඊට අමතර  සහල් වලින් සැකසූ  සිනිදු කේක් විශේෂයක් වන චිමාකි  සහ ඕක් පත්‍රවල ඔතන ලද
රතු බෝංචි තලපය සහ උණ පත්‍රවල ඔතන ලද රසකැවිලි ඊට උදාහරණ වේ. ජපානයේ වාසනාව
ගෙන දෙන යැයි විස්වාස කරන ශාකයක් වන අයිරිෂ් ශාකයේ පත්‍ර ද එදිනට නිවාස වල දොරටුව
සහ වහලේ එල්ලා තබන්නේ වාසනාව ගෙන දීමට ය. එදිනට පිරිමි ළමුන් අයිරිෂ් පත්‍ර මිශ්‍ර
ජලයෙන් ස්නානය කිරීම අතීතයේ පටන් පැවත එන චාරිත්‍රයකි. ඊට අමතරව කබුතෝ  නැමැති
හිස වැසුම් ආකෘතින් රාක්ක මත ප්‍රදර්ශනය කිරීම සහ කාප් මත්ස්‍යයන් හැඩයට සැකසූ දිගු
කොඩිය එල්ලීම සිදු කරයි. ඒ පිරිමි ලමුන්ගෙ නිරෝගී ජීවිතය සහ ආරක්ෂාව සැලසීම සඳහා.

Comments