ලොව ප්‍රථම ගෘහස්ථ වැසි වනාන්තරය

ලොව පවතින පුදුමාකාර  නගර අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ඩුබායි නගරය
ඉතාමත් සුවිශේෂී වේ. ලොව උසම ගොඩනැගිල්ල,  ලොව විශාලතම සාප්පු සංකීර්ණය,
ලොව විශාලතම මල්වත්ත ආදී නිර්මාණ රැසකට උරුමකම් කියන ඔවුන් දැන් සැරසෙන්නේ
ලොව  ප්‍රථම ගෘහස්ථ වැසි වනාන්තරය ඉදිකිරීමටය.
ලොව ප්‍රථම  ගෘහස්ථ වැසි වනාන්තරය ඉදි වන්නේ ඉතා උස හෝටල් ගොඩනැගිල්ලක් තුළ ය.
රෝස්මොන්ට් හෝටලය සහ නිවාස සංකීර්ණය සහිත  කුළුණු දෙකින් යුක්ත මේ හෝටලය තුළ
වැසි වනාන්තරය ඉදිවේ. මෙම කුලුනු දෙක තට්ටු 53 කින් සමන්විත වෙනවා. එහි පාදම ලෙස
ක්‍රියා කරන  පළමු තට්ටු 5 තුළ වර්ගමීටර් හත්දාහක ප්‍රදේශයක මෙම වැසි වනාන්තරය ව්‍යාප්ත
වන පවතිනවා.


මෙම වැසි වනාන්තරය ඉදිකිරීම නවීන ඉහල තාක්ෂණයක් යොදාගෙන ඇති අතර එමඟින් සැබෑ
වනාන්තරයක අත්දැකීම සංචාරකයන් හට ලබාදේ. සැබෑ වනාන්තරයක ගමන් කරන ආකාරයට
වගේ අඩි පාරවල් දිගේ ගමන් කිරීමටත් මෙහි අවස්ථාව සලසා තිබෙනවා. ඒ වගේම මුහුදු වැලි
නැති වෙරළ, රැලි ගසන පිහිනුම් තටාකයක් ,ඇල දොල ගංගා දියඇලි පවතිනවා. මෙම
වනාන්තර තුළ කෘතීම වර්ෂා ඇති කිරීමට ඉහළ මට්ටමේ තාක්ෂණයක් යොදාගෙන තිබේ.

එයට අනුව සංවේදක යොදාගෙන මිනිසුන් සිටින ස්ථාන හඳුනාගෙන මිනිසුන් අතර වැසි
නොවැටී මිනිසුන් වටේට වැසි වැටීම සිදු  කරයි.මේ තාක්ෂණය නිසා සංචාරකයන්ට වැසි මැද්දේ
නොතෙමී ගමන් කිරීමට හැකියාව පවතිනවා. මේ අනුව මෙය නැරඹීමට පැමිණෙන සංචාරකයන්
හට ඉතාමත් ත්‍රාසජනකපුදුමාකාර අත්දැකීමක් ලබා දීමට මෙහි නිර්මාණකරුවන් සූදානම්
වෙනවා.මේ සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන පන්සිය පනහකට අධික මුදලක් වෙන් කිරීමට
සූදානම් වී ඇත.

Comments