සුවිස් ජාතික රසායනික විද්යාඥයකු වූ ඇල්ෆ්රඩ් බර්නාඩ් නොබෙල් වර්ෂ 1867 දී ඩයනමයිට් සොයාගත්තේය. වර්ෂ 1875 දී ඔහු ඊටත් වඩා බලවත් හෝ ද්රව්යයක් සේ සැලකෙන බ්ලාස්ටිං ජෙලටින් සොයාගත්තේය
වර්ෂ 1880 ඔක්තෝම්බර් මස 21වන දා ඇල්ෆ්රඩ් නොබෙල් ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේ දී උපත ලැබී ය. ඔහුගේ පියා ද ඉංජිනේරුවරයෙකු වූ අතර ඔහු පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ පරීක්ෂණ වල නිරත වෙමින් සිටි අයෙකි.රුසියාවේදී මුලික අධ්යාපනය ලැබූ නොබෙල් පසුකාලීනව රසායන විද්යාව හැදෑරීම සඳහා ප්රංශය සහ ඇමරිකාව යන රටවල් කරා ගියේය. ඔහු එහි රසායන විද්යාව හදාරමින් සිටින අතරතුර පියා කරගෙන ගිය පුපුරණ ද්‍රව්‍ය වෙළඳාම බංකොලොත් වීම නිසා හට සිය අධ්යාපන කටයුතු අතරමඟ නවතා වීමට සිදුවිය. අධ්යාපන කටයුතු අතර මගදි නතර කර දැමීමට සිදු වුවත් තම උත්සාහය අත් නොහැරි නොබෙල්, රසායන විද්යාව ආශ්රිත පරීක්ෂණ දිගටම සිදු කරගෙන ගියේය. තම පියා හට රසායන විද්යාව පිළිබඳ යම්කිසි දැනුමක් තිබීමත්, ඔහුට පරීක්ෂණාගාරයක් තිබීමත් නිසා ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට ඇල්ෆ්රඩ් නොබෙල්ට එතරම් අපහසු නොවීය.
ඇල්ෆ්රඩ් නොබෙල් තම පියාගේ රසායනාගාරය තුළ නයිට්රොග්ලිසරින් නැමැති රසායන ද්‍රව්‍ය භාවිත කරමින් පරීක්ෂණ කීපයක් පැවැත්විය. ඔහුගේ අරමුණ වී තිබුණේ ඉතාමත් ආරක්ෂාකාරී සහ ප්රයෝජනවත් පුපුණ ද්‍රව්‍ය මඟින් නිෂ්පාදනය කිරීමට ය. එසේ පරීක්ෂණ කරගෙන යන අතරතුර ඇතිවූ පිපිරීමකින් තම සොහොයුරා හා සේවකයන් දෙදෙනෙකු මිය ගියහ. ඉන් අනතුරු එම පුපුරණ ද්‍රව්‍ය වැඩිදියුණු කළ වෙළඳපලට ඉදිරිපත් කළ ද එමගිනුත් අනතුරු කිහිපයක් සිදු විය.
නමුත් තම උත්සාහය අත් නොහැරි ඇල්ප්රඩ් නොබෙල්1867
දී මෙම රසායනය ඩයිටොමයිට් නම් වූ සින්දු පස් වර්ගය හා මිශ්‍ර කිරීමෙන් ආරක්ෂා කාරී ලෙස ප්රවාහනය සහ ගබඩා කිරීමට හැකි ද්රව්යයක් වන ඩයිනමයිට් නිපදවීමට සමත්විය.
එකල ඩයිනමයිට් යොදා ගෙන බොහෝ ප්රයෝජන ලබා ගෙන තිබූ අතර ඔහු එය ලෝකය පුරාවටම හඳුන්වා දුන්නේ ය. මෙන්ම ඇල්ප්රඩ් නොබෙල් ඩයිනමයිට් විකිණීමෙන් ඉතා විශාල මුදල් ප්රමාණයක් උපයා ගෙන තිබිණි. ඔහු ඩයිනමයිට් නිපදවන කර්මාන්ත ශාලා විශාල සංඛ්යාවක් ලොව පුරා ආරම්භ කිරීමට කටයුතු කළේය.
කොතරම් මුදල් තිබුණද ඔහු ජීවිතය කනස්සල්ලෙන් ගෙවීය. ඒ ඔහු නිපදවූ ඩයිනමයිට් යුද්ධ සඳහා යොදා ගැනීමෙන් සිදු වූ විශාල ජීවිත හානි නිසාය.
ඒ නිසා ඔහු පසු කලක දී තමා සතු අති විශාල ධනස්කන්ධයෙන් ඩොලර් කෝටි නමයක් ආයෝජනය කළ එයින් ලැබෙන පොලිය සමාජ සේවය සඳහා යෙදවීමට පෙළඹුණේය. ඒ අනුව ඔහු සමාජයට අති විශාල සේවයක් කරන්නවුන්හට වාර්ෂිකව මුදල් ත්යාග පිරිනැමීමට කටයුතු කළේය. ඒ සඳහා නොබෙල් ත්යාග අරමුදල පිහිටුවීමට ද ක්රියා කළ ඔහු එම අරමුදලින් ත්යාග හිමි වන ක්ෂේත්‍ර පහක් නම් කළේය .ඒ වෛද්‍ය විද්යාව, රසායන , භෞතික විද්යාව, සාහිත්‍ය හා ලෝක සාම ලෙස ය.
මෙලෙස ලොව වටිනාම තෑග්ග වන නොබෙල් ත්යාගය නිර්මාණය කළ ඇල්ෆ්රඩ් නොබෙල් 1896 දෙසැම්බර් මස 10 වනදා තම ලියන මේසේ මත මියගොස් සිටියේය. සෑම වසරකම දෙසැම්බර් 10 වනදා නොබෙල් ත්යාගය පිරිනමන්නේ ඇල්පට් නොබෙල්ගේ මියගිය දිනය සිහිවීම සඳහා ය.
Comments
Post a Comment