ඇමරිකා එක්සත් ජනපදයේ විශිෂ්ටතම ජනාධිපතිවරුන් දෙදෙනා ලෙස නම් දරන්නේ ජෝර්ජ් වොෂින්ටන්,ඒබ්රහම් ලින්කන් සහ ෆ්රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට්. ය .ෆ්රෑන්ක්ලින් යනු ඇමරිකා එක්සත් ජනපදයේ
32 වන ජනාධිපතිවරයා. ඇමරිකාවේ ජනාධිපති ධුර කාල තුනක් පුරාවටම හිමිවීමට තරම් වරම් ලැබූ එකම ජනාධිපතිවරයා ද ඔහුය. පොත් කියවීම හා මුද්දර එකතු කිරීම සිය විනෝදාංශය කරගත් ෆ්රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට් පොත්22000
පමණ වූ පුස්තකාලයකට හා මුද්දර25000
පමණ එකතුවකට හිමිකම් කීය.
වර්ෂ1882 ජනවාරි මස 30
වනදා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි හයිඩ් පාක් හි ෆ්රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට් උපත ලැබීය. ඇමරිකාවේ ප්රභූ පවුලක් වූ රූස්වෙල්ට් පවුලේ උපත ලද ඔහු තියඩෝර් රූස්වෙල්ට් ගේ ඥාති සහෝදරයෙකි.
ග්රොටෝන් පාසලෙන් අධ්යාපනය ලැබූ ඔහු හාවඩ් විශ්ව විද්යාලයෙන් සහ කොලොම්බියා විශ්ව විද්යාලයෙන් සිය උපාධිය ලබා ගත්තේය. ෆ්රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට් නීති පුහුණුව ලබා ගත්තේ නිව්යෝක් නගරයේදී.
1910
නිව්යෝක් සොනෙට් සභාවට ඡන්දයෙන් තේරීපත් වූ ෆ්රැන්ක්ලින් ඩී රූස්වෙල්ට් එතැන් පටන් ජනපති බ්රොන්සන් යටතේ නාවික හමුදාවේ සහකාර ලේකම්වරයා ලෙස කටයුතු කළේය. ඒ පළමු ලෝක යුද සමයේදී.
1921 දී පෝලියෝ රෝගය වැලඳීම නිසා එකතැන් වු රූස්වෙල්ට්
1928 දී නැවත ජනතා සේවයට කැප වෙමින් කටයුතු කල අතර පසුව ඔහු නිව්යෝර්ක් ආණ්ඩුකාර ධුරයට පත්විය.
වර්ෂ 1932
පාක්ෂික ජනාධිපති හර්බට් හූවර් පරදමින් ජයග්රහණය කළ ෆ්රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට් ඇමරිකා එක්සත් ජනපදයේ 32 ජනාධිපතිවරයා ලෙස පත් වූයේය. ඒ වන විට ඇමරිකා එක්සත් ජනපදය ආර්ථික තත්ත්වය ඉතාමත් දුර්වල තත්ත්වයක පැවතිය ද කෙටි කාලයක් තුළ දී ඇමරිකා එක්සත් ජනපදය ආර්ථිකය යළි නඟා සිටුවීමට ඔහුට හැකිවිය.
1933-1936අතර කාලයේදී තම පළමු ජනාධිපති ධුර කාලයේ හෙබවූ රූස්වෙල්ට් නැවතත්1936 ඊළඟ ජනාධිපතිවරණයට තරග කළේ ය. එයින් ජය ලැබ රූස්වෙල්ට් ඇමරිකාව ඉතාමත් දියුණු තත්වයකට ගෙන ආවේ. පසු තෙවන වරට ඇමරිකාවේ ජනාධිපති වරණය සඳහා තරග කළ අතර එය ඉතා පහසුවෙන් ජය ගත්තේය. ඒ අනුව ඇමරිකාවේ දෙවරක්ම ජනාධිපති ධුරයට පත්වූ එකම පුද්ගලයා වන්නේ ෆ්රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට් දෙවන ලෝක යුධ සමයේදී ඉතාමත් ක්රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ප්රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට්එම යුද්ධයේදී මහත් වැදගත් ක්රියාකාරකම් රාශියක් ඉටු කළේය. පරමාණු බෝම්බය සෑදීම ඇරඹුනේද මොහු ගේ ප්රධානත්වයෙනි.
රූස්වෙල්ට් හට 1944 සිව්වන ජනාධිපතිවරණය සඳහා ම් ලැබුවත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවූ අතර 1945 අප්රේල් මස 12 දින ඔහුගේ අවසන් හුස්ම පොද වාතලයට මුසු කළේය.
Comments
Post a Comment