මිනිසාගේ ක්‍රියාකාරිත්වය නිසා වර්තමානය වන විට ජෛව ලෝකයට අහිමි වී ගිය ජීවීන් සංඛ්‍යාව අපමණය. කලකට ඉහතදී මිනිසාගේ ක්‍රියාකාරීත්වය නිසා වඳවීගිය යැයි සැලකුණු සත්ව විශේෂයක් ලෙස මැඩගස්කර දූපතේ ජීවත් වුණු මැඩගස්කර පොකඩ් නම් පක්ෂීන් විශේෂය හඳුන්වා දිය හැක.
මෙම පක්ෂීන් මැඩගස්කරයේ තෙත් බිම් හි සෑම තැනක ම පාහේ දක්නට ලැබුණු අතර පිහාටු චොකලට් දුඹුරු පැහැයෙන් යුතු වේ.මැඩගස්කරයට ආවේණික පක්ෂි විශේෂයක් වන මැඩගස්කර පොකඩ් පක්ෂීන් තෙත් බිම් ආශ්‍රිත ව වාසය කරන අතර, ජලජ කෘමීන් හා ජලජ ශාක ආහාරයට ගැනීම සිදුකරනවා. සාමාන්‍යයෙන් තනි තනි ව හෝ ජෝඩු වශයෙන් ගැවසෙන ඔවුන් වරකට බිත්තර 6 - 10 අතර ප්‍රමාණයක් දමයි . මොවුන් කූඩු තනන්නේ ජල මට්ටමේ සිට සෙන්ටිමීටර් 20 - 40 උඩින් පිහිටි පඳුරු හෝ වගුරු බිම් මත යි. වසර 25ක් පමණ දැක ගැනීමට නොලද ‘මැඩගස්කර පොකඩ්’ පක්ෂීන් සදහටම මිහිමතින් වඳ වී යන්නට ඇති බව යි පර්යේෂකයින්ගේ සදහන් කරන ලදි .
නමුත් වාසනාවකට මෙන් 2006 දී ජීව විද්‍යාඥයින් කණ්ඩායමකට මැඩගස්කරයේ මැට්සේබ්‍රොමැනා වැව ආසන්නයේ ගැවසෙන මැඩගස්කර පොකඩ් පක්ෂීන් කිහිපදෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් හමු වී තිබේ.
ඉන්පසු ඩරල් වන සංරක්ෂණ භාරය, පෙරිග්‍රින් අරමුදල, සහ මැඩගස්කර රජය එක් ව මැඩගස්කර පොකඩ් පක්ෂි විශේෂය සංරක්ෂණය සඳහා කටයුතු කර තිබෙනවා. ඒ අනුව පරීක්ෂණාගාරයක් තුල දී ඇතිදැඩි ගන්නා ලද මැඩගස්කර පොකඩ් පක්ෂීන් 20 දෙනෙකු නැවත මැඩගස්කරයේ පිහිටි තෙත් බිමක් වෙත මුදාහැර තිබෙනවා. කෙසේවෙතත් මෙම ක්ෂීන් ආරක්ෂා කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ලෝක සත්තව සංවිධාන මඟින් ඇගයීමට ලක්කර තිබෙන බව පෙනී යයි.
Comments
Post a Comment