කෝල්ටන් යනු කළු පැහැයට හුරු වටිනා ඛනිජයකි.මෙහි වටිනාකම කොතෙක්ද කිවහොත් කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය පුරා ගැටුම් ඇතිවීමට මෙම කෝල්ටන් ඛනිජය හේතු වී තිබේ
කෝංගෝ ජනරජයට අමතරව කොලොම්බියාව,බ්‍රසීලය,මොසැම්බික්,ඉතියෝපියාව ආදී රටවලත් කෝල්ටන් ඛනිජය බහුලව වියාප්තව පවතී.මෙම ඛනිජය බොහෝ ඉලෙක්ට්‍රොනික උපකරණ වල භාවිතයට ගන්නා ධාරිත්‍රක නිපද වීමට යොදා ගන්නා අතර ටැන්ලම් නැමැති මූලද්‍රව්‍ය නිස්සාරණයට ද යොදා ගනී.එම මූලද්‍රව්‍ය ගුවන් යානා නිෂ්පාදනයටත්,කැමරා කාච නිපදවීමටත් යෙ කෝල්ටන් ඛනිජයේ කිලෝවක වෙළදපොළ මිල ඩොලර් 300-400 ත් අතර වේ.එම නිසා මෙම ඛනිජය අප්‍රිකාවේ කළු රත්තරන් ලෙස ද හදුන්වයි.
කොංගෝ ජනරජයේ ජනතාවගේ ආර්ථික තත්වය එතරම් යහපත් නොවේ.දුර්වල රාජ්‍ය පාලනයත් මෙයට ප්‍රධානතම හේතුව වී තිබේ.එම නිසා එරට සන්නද්ධ ත්‍රස්ත සංවිධාන කිහිපයක් කොංගෝ ජනරජය තුළ සිය බලය පතුරවමින් සිටී.
මෙම සන්නද්ධ කල්ලි කොංගෝව තුළ තිබෙන කෝල්ටන් ආකර අත්පත් කරගැනීමට උත්සහ කරන මුත් එරට හමුදාව ඊට විරුද්ධව සටන් කරයි.එම හේතුවෙන් කොංගෝවේ කෝල්ටන් ආකර පවතින ප්‍රදේශ වල රජයේ හමුදා සහ සන්නද්ධ කල්ලි අතර ගැටුම් ඇතිවේ.
කළින් සදහන් කළාක් මෙන් මෙහි වෙසෙන ජනතාව දුප්පත් ය.එම නිසා කෝල්ටන් වියාප්තව පවතින ප්‍රදේශ වල ජනතාව එම ත්‍රස්තයන්ට හොරෙන් කෝල්ටන් ආකර වලින් කෝල්ටන් කැණීමට පුරුදුව සිටී.කෝල්ටන් කැණීම දුෂ්කර ක්‍රියාවකි.මෙම ප්‍රදේශ වල පතල්වල නිසි තාක්ෂණික ක්‍රමවේද භාවිතා නොකිරීම නිසා මෙහි ජීවිත අවදානම වැඩිය.
එසේම හොරෙන් කෝල්ටන් කැණිමේ දී ත්‍රස්කයන්ට හසුවුවන් හට සිදුවන්නේ ජීවිත කාලය පුරාවටම කෝල්ටන් ආකර වල කිසිදු වැටුපක් නොලබා වැඩ කිරීමට ය.
මෙලෙස දිවි පරදුවට තබා කෝල්ටන් ගෙන එන වැසියන් ඒවා රැගෙන යන්නට පැමිණෙන බටහිර ජාතීන්ට සොච්චම් මුදලකට අලෙවි කිරීමට සිදුවීම සෝචනීයයි.එම නිසා මෙම වටිනා සම්පත දේශිය වශයෙන් ප්‍රයෝජනයට ගත නෙහැකී වී තිබේ.
Comments
Post a Comment