ලොව උපදින මිනිසුන් කුමන ආගමක,ජාතියක වූවත්, සමෙහි වර්ණය කුමක් වුවද ඔවුන් සියලු දෙනාටම සිම අයිතිවාසිකම් හිමි විය යුතු බව ලොවට කියා දුන් පුද්ගලයා අන් කවරෙක් නොව අප්‍රිකානු වර්ණභේදවාදී ප්‍රතිපත්තිවලට එරෙහිව කටයුතු කළ දේශප්‍රේමී
ජන නායකයෙකු වූ නෙල්සන් මැන්ඩෙලා ය.
1918 ජූලි මස 18 වන දි දකුණු අප්‍රිකාවේ උම්මාටා ගමේදී නෙල්සන් මැන්ඩෙලා මෙලොව එලිය දුටුවේ ය.නෙල්සන් මැන්ඩෙලාගේ පියා දකුණු අප්‍රිකානු ග්‍රෝත්‍රයක නායකයෙකු විය.කුඩා කළ සිටම අධ්‍යාපන කටයුතු වලට මහත් උනන්දුවක් දැක්වු නෙල්සන් මැන්ඩෙලා
තම ප්‍රියතම විෂය වන නීතීය හැදෑරීය.එම නිසා තරුණ වියට එළඹෙන විට නෙල්සන් මැන්ඩෙලායට නීතීය පිිළිබද හසළ දැනුමක් තිබිණී. නීතිය හදාරා අවසන් වීමෙන් පසු නෙල්සන් මැන්ඩෙලා 1944 ්රිකානු ජාතික කොංග්‍රසයට එක්වුණි. ඉන්පසු නෙල්සන් මැන්ඩෙලා කළු ජාතිකයන්ට තම අයිතීන් ලබා ගැනීම සඳහා අරගෙන ගියා නිදහස් සටනට සහය දැක්විය. දිගින් දිගටම වර්ණභේදවාදී අරගලවලට නායකත්වය සැපයූ මැන්ඩෙලා වර්ෂ1952 දී දකුණු අප්‍රිකානු කොන්ග්රස් තරුණ සම්මේලනයේ සභාපති ධුරයට පත්විය. මෙමස අරගලය ග්‍ර අතට හැරෙන සුදු ජාතීන් විසින් 1960 අප්‍රිකානු කොංග්රස් පක්ෂය තහනම් කර දැමීය. එහෙත් දිගටම සටන ගෙන ගිය නෙල්සන් මැන්ඩෙලා ජාතියේ හෙල්ල නමින් සංවිධානයක් බිහි කරගෙන රහසේ කටයුතු කරගෙන ගියේය. නමුත් අවාසනාවකට1962 නෙල්සන් මැන්ඩෙලා අත්අඩංගුවට පත්වන අතර අධිකරණය මගින් ඔහුට පොදු දේපල විනාශ කිරීම හා විවිධ අපරාධ වලට සම්බන්ධ වීම යන චෝදනා යටතේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබාදුන්නේය. ඉන්පසු නෙල්සන් මැන්ඩෙලා රොබින් දූපතේ තිබූ සිරමැදිරියක සිර කර තැබුවේය. නෙල්සන් මැන්ඩෙලා අත්අඩංගුවට ගැනීම පිළිබඳව කෝපයට පත් අප්‍රිකානු කළු ජනතාව තම නායකයා නිදහස් කරන තුරු උද්ඝෝෂණ සිදුකිරීමට කටයුතු කළේය.

දිගු කලක් වැළදී තිබූ ශ්වසන ආබාධයක් නිසා 2013 දෙසැම්බර් මස 5 දා දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හී දී නෙල්සන් මැන්ඩෙලා අභාවප්‍රාප්ත විය.
Comments
Post a Comment