ලොව දැඩිලෙස වඳවීයාමේ තර්ජනයට ලක්වූ සත්වයන් අතර බළල් පවුලට අයත් සාමාජිකයෝ ද සිටිති. බළල් පවුලට අයත් කොටියා දිවියා චීටා සහ ජගුවරයා ආදී සත්ත්වයන් අතරින් සුන්දරම සත්වයා ලෙස හැඳින්වෙන්නේ හිම දිවියා ය. හිම දිවියාගේ සම සුදු හෝ අළු පැහැති වන අතර ඒ මත කළු පැහැති පුල්ලි දක්නට ලැබේ. හිම දිවියෙකුගේ ජීවිත කාලය අවුරුදු 22ට පමණ සීමාවේ.
මධ්යම ආසියාවේ මීටර් හය දහසක පමණ උස හිමෙන් වැසුණු කඳු ශිඛර වල මොවුන් වාසය කරති. ටිබෙටයේ හා චීනය ඇතැම් ප්රදේශ වලත් නේපාලය, පකිස්ථානය, ඉන්දියාව ඇෆ්ගනිස්තානය, මොංගෝලියාව ,රුසියාව හා පැරණි සෝවියට් සමූහාණ්ඩුව දක්වා පැතිරුණු වර්ග කිලෝමීටර් ලක්ෂ 20-30 අතර භූමි ප්රදේශයක වාසය කරති. හිම දිවියන්ගේ ප්රධාන ආහාර වන්නේ එම ප්රදේශවල සිටින මීයන් පක්ෂීන් හාවුන් මුවන් හා වල් බැටළුවන් වැනි සතුන් ය.
නමුත් වර්තමානය වන විට හිම දිවියන් ගේ ගහනය අතිශයින්ම අඩුවී ඇත. මෙයට ප්රධාන හේතුවක් ලෙස දක්වා ඇත්තේ ඔවුන්ගේ සම් ලබාගැනීම සඳහා දඩයම් කිරීම ය. දිවියෙකුගේ සමකින් නිමකල කබායක් ඇමරිකන් ඩොලර්
50000ක් තරම් අධික මිලකට අලෙවි වේ. එමෙන්ම ඔවුන්ගේ දත් සහ අස්ථි ඖෂධීය වටිනාකම කමක් සහිත බව පැවසේ. එම නිසා ඒවාට ද බටහිර රටවල හොඳ ඉල්ලුමක් පවතී. හිම දිවියෙකුගේ අස්ථියක් ඩොලර් දෙසීයකට පමණ අලෙවි වේ.
එම නිසා වර්තමානය වන විට හිම දිවියන්ගේ ගහනය පන්දාහක් පමණ යැයි ගණන් බලා ඇත .ඒ හැරුණුකොට ලොව වටා සත්වෝද්යානවල හිම දිවියන් පන්සියයක් පමණ ජීවත් වෙයි.
මෙසේ දැඩි ලෙස වඳ වී යාමේ තර්ජනයට ලක් වී ඇති හිම දිවියක් තවත් වසර කිහිපයකින් මිහිතලයෙන් සදහටම වඳ වී යාමට ඉඩ ඇත. හිම දිවියන් සුරැකීම සඳහා විශේෂ නීති රීති හා විවිධ ක්රියාමාර්ග ගෙන තිබුණද වායින් නිසි ප්රයෝජනයක් නොමැති බව පෙනී යයි.
Bump
ReplyDeletewho are the travaling in south asia , very Use full to traveling around choose these information blog aricles
ReplyDelete